ජවිපෙ නායක අනුර කුමාර සහ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක සුහද කතාබහක ?

Misleading Political

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ඉලක්ක කරගනිමින් විවිධ කතාබහ සමාජ ජාල වල ඇතිවෙනවා.ඉන් සමහර සමාජ ජාලා සටහන් නොමග යවන සුලුයි. මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්. 

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ජවිපෙ නායක අනුරකුමාර දිසානායක කාන්තාවක් සමග කතාබහක යෙදෙන ආකාරයේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කරමින් මෙවැනි සටහනක් යොදා තිබුණා. 

අනුයියා- ලී දුන්නේ මහියංගනේ සහෝදරවරු 

දේවානි- කමක් නෑ.කමක් නෑ.පනු කරද නම් විතරයි අවුල් .

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙක් විසින් දක්වා තිබූ අදහස් කිහිපයකි මේ .

බොහෝදෙනාගෙන් ලද ඉල්ලීම් නිසා මේ පිළිබදවසොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

මෙම සමාජ ජාල සටහන සකසා තිබුණේ ප්‍රකට වන සංරක්ෂණ නිලධාරිනියක් වන ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක සහ ජවිපෙ නායක අනුරකුමාර අතර සිදු වන පිළිසදරක ඡායාරූපයක් ලෙස ඒත්තු ගැන්වෙන පරිදියි. 

අප විසින් මුලින්මසොයා බැලුවේ ජවිපෙ නායක අනුරකුමාර දිසානායක සහ වන නිලධාරිනී දේවානී ජයතිලක අතර මෙවැනි හමුවක් නිරූපණය වන මෙවැනි ඡායාරූපයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක ඇතිද යන්න පිළිබදවයි.එහිදී අපට දැකගන්නට ලැබුණේ එවැනි ඡායාරූප/වාර්තා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල නොමැති බවයි. 

ඉන් පසුව අප විසින් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලකගෙන් මේ පිළිබදව විමසා බැලූ  අතර ඇය පැවසුවේ මෙම ඡායාරූපයේ මුහුණු ආවරණයක් පැළැද සිටින කාන්තාව තමන් නොවන බවයි.

ඉනපසුව අප සිදුකල විමසුමේදී සමාජ ජාලාවල සංසරණය වන මෙම මුහුණු ආවරණයක් පැළැද සිටින කාන්තාවට සමාන රුවක්සහිත කාන්තාවක් සිටින ඡායාරූපයක් සහිත කාන්තාවක් දක්නට ලැබුණා.

එම ඡායාරූපයේ ජාතික ජන බලවේගයට සම්බන්ධ නීතීඥ සංගමයේ සාමාජිකයෙක් වන උපුල් කුමාරප්පෙරුමද දක්නට ලැබුණා. 

මේ පිළිබදව අප උපුල් කුමාරප්පෙරුම මහතාගෙන් ද සිදුකළ විමසා බැලීමේදී තහවුරු වූයේ ඇය ජාතික ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී රංගන ශිල්පිනියක් වන ගංගා ජීවනී වැලිවත්ත බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී ඇති ඡායාරූපයේ සිටින්නේ ද දේවානි නොවන බවයි. 

මේපිළිබදව ගංගා ජීවනී වැලිවත්ත සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහතින් දැක්වේ .

Facebook | Archived

එසේම ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයද සමාජ ජාලා සටහනේ අනුරකුමාර දිසානායක සමග පිළිසදරක යෙදෙන කාන්තාව ගංගා ජීවනී වැලිවත්ත බව තහවුරු කළා. 

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ සමාජ ජාලා සටහනේ මුහුණු ආවරණයක් පැළැද ජවිපෙ නායක අනුරකුමාර දිසානායක සමග කතාබහක යෙදෙන්නේ ජාතික ජන බලවේගයට හිතවාදී රංගන ශිල්පිණියක වන ගංගා ජීවනී වැලිවත්ත බවයි.ඒ අනුව අනුරකුමාර දිසානායක සහ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක අතර පිළිසදරක් ලෙස සමාජ ජාලාවල හුවමාරුවූ ඡායාරූපය නොමගයවන සුලු එකක් බව තහවුරුවේ. 

Also Read: Fact Check: දේවානි ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තද?

Avatar

Title:ජවිපෙ නායක අනුර කුමාර සහ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක සුහද කතාබහක ??

Fact Check By: Kalana Krishantha 

Result: Misleading


Leave a Reply