දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙන් ම මුතුගල සර් ලෙසින් ප්‍රසිද්ධියට පත් දිනේෂ් මුතුගල දේශපාලනයට පැමිණෙන බව ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප කටයුතු කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 1:
හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සමගි ජන බලවේගය පක්ෂයෙන් උතුරුමැද පළාත් සභාව සඳහා තරග කිරීමට යම් සූදානමක් පවතින බව ට සඳහන් සටහන් වල පොළොන්නරුව සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් සමඟ ශවේන්ද්‍ර සිල්වා පෙනී සිටි ඡායාරූපයක් සමඟ, මෙම සටහන් ඇතැම්විට හුවමාරු වී තිබුණේ, ඔවුන් දෙදෙනාගේ ඇති නෑකමක් ද සඳහන් කරමින්.


Facebook | Archived Link Facebook | Archived Link
මෙහි නිර්වද්‍යතාව සොයා බලන ලෙස පාඨක ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගි ජන බලවේගය සමගින් එකතුවන බවට හෝ ඔහු ඉදිරියේදී, උතුරු මැද පළාතින්, තරඟ කරන බවට හෝ කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් වාර්තා කර ඇත්ද, යන්න පරීක්ෂා කිරීමේදී එවැනි පුවතක් පළ වී නොමැති බව නිරීක්ෂණය වුණා.
ඒ හේතුවෙන් මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීමට, මේ වන විටත් ආරාධිත දේශන කිහිපයක් පැවැත්වීම සඳහා විදේශගතව සිටින, හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් අප විමසීමක් කළා.
හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මෙම සටහන් සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි. එවැනි කිසිදු තීරණයක් තමන් ගෙන නොමැති බව ත්, මේ ගැන විමසමින් බොහෝ දෙනෙකු තමන් සම්බන්ධ කර ගැනීමට උත්සහ දරන බව ත්, මෙය කිසිදු පදනමක් නොමැති කටකතාවක් බවයි හිටපු යුද හමුදාපතිවරයා තහවුරු කළේ.
සමගි ජන බලවේගය
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද, අප මේ පිළිබඳ විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ, මෙය අසත්‍ය තොරතුරක් බව ත්, හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වන බවට කිසිදු දැනුම්දීමක් හෝ සිදු කර නොමැති බව ත්, ඔවුන් පවසා සිටියා.
ඒ අනුව මේ වන විට දෙපාර්ශවය විසින් සිදු කරන ලද නිල තහවුරු කිරීම් මත මෙම පුවත අසත්‍ය බවට පෙන්වා දිය හැක.
සමගි ජන බලවේගයේ නෙල්සන් සහ ශවේන්ද්‍ර සිල්වාගේ හැඳුනුම්කම
හේවා ගජමන් පත්තිනිගේ කින්ස් කුමාර නෙල්සන් යනු හිටපු රජයේ අමාත්‍ය එච්. ජී. පී. නෙල්සන්ගේ පුත්‍රයා වන අතර ඔහුගේ සහෝදරිය වන සුජීවා නෙල්සන් විවාහ වී සිටින්නේ, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමගින් වේ.
ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මැතිවරණ සන්ධාන අපේක්ෂකයෙකු ලෙස තරඟ කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය.
Claim 2:
මේ අතර දිනේෂ් මුතුගල සර් වයඹ පළාත් සභාවට සමගි ජන බලවේගයෙන් හෝ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු යුද හමුදාපති සම්බන්ධ කර ගනිමින් පළ වූ සටහන් ආකාරයෙන් මෙම සටහන් ද, පළ වී තිබූ අතර මෙය තහවුරු කෙරෙන කිසිදු නිල තොරතුරක් අදාළ පාර්ශවයන් විසින් සිදු කර ඇති බවට දැක ගන්නට නොලැබේ.
මුතුගල සර්
අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ‘මුතුගල සර්’ගේ සම්බන්ධීකාරගෙන් විමසීමක් කළා. ඔහු සහන් කළේ, මෙම තොරතුර අසත්‍ය බව ත්, මුතුගල ගුරුවරයා මේ සම්බන්ධයෙන් පැවසුවේ, තමන් ට කිසිදු අයුරකින් කිසිදු පක්ෂයකින් දේශපාලනයට පිවිසීමට අදහසක් නොමැති බවයි. තමන් සමාජයට සිදු කරන සත්කාර ඉදිරියේදීත් කරන බව ත්, නමුත් දේශපාලනයට නොපැමිණෙන බවයි.
SJB/UNP
සමගි ජන බලවේගය මෙන් ම එක්සත් ජාතික පක්ෂයේ ද, මාධ්‍ය අංශයෙන් අප විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, මෙම සටහන් අසත්‍ය බව ත්, දිනේෂ් මුතුගල ගුරුවරයා එම පක්ෂ වලින් දේශපාලනයට එක් වන බවට හෝ දන්වා නොමැති බව ත්ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගි ජන බලවේගයෙන් සහ දිනේෂ් මුතුගල උපකාරක පන්ති ගුරුවරයා එක්සත් ජාතික පක්ෂයෙන් හෝ සමගි ජන බලවේගයෙන් පළාත් සභාවන් සඳහා තරඟ කරන බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. ශවේන්ද්‍ර සිල්වා මහතා මෙන් ම මුතුගල සර් ද, සමගි ජන බලවේගය මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද සඳහන් කරන්නේ, එම තොරතුර කිසිදු පදනමක් නොමැති අසත්‍ය සටහන් බවයි.


