FACT CHECK: ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය කොට අනතුරකට ලක්වූ වාහනයකට රක්ෂණ වන්දි ලැබෙන්නේ නැත්ද?

යම්කිසි ආකාරයේ හදිසි අනතුරකින් හෝ අලාභහානියකින් වාහනට සහ තෙවන පර්ශවට සිදුවන හානි සඳහා මුල්‍යමය ආවරණයක් ලබාදීම රථවාහන රක්ෂණ ක්‍රමයක් යටතේ සිදුවෙයි.  වර්තමාන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති කාලය තුළ දී අනතුරකට ලක්වූ වාහනයකට වන්දි මුදල් ලබාදීම සිදු කරන්නේ කෙලෙසද? එම වන්දි ලබාගැනීම සදහා ඇඳිරිනීතිය බලපත්‍රයක් තිබීම අනිවාර්යද? මේ, ඒ සම්බන්ධයෙන් පළව තිබූ […]

Continue Reading

FACT CHECK: ලංකාවට ආනයන කළ හෝ කිරීමට නියමිත මන්ත්‍රී වාහන තොගයක ඡායාරූපයක්ද?

නොයෙකුත් කරුණු ඉදිරිපත් කිරීම් සඳහා එම කරුණු වලට අදාළ නොවන ඡායාරූප භාවිතා කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක් වුවද මේ වන විට බොහෝ ෆේස්බුක් පරීශීලකයින් විසින් එවන් කරුණු වල දක්වා ඇති ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය කර ගැනීමට පෙර එහි නිරවද්‍යතාවය සොයා බලා කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ද දැක ගන්නට ලැබීම […]

Continue Reading

FACT CHECK: ලෝකයේ වැඩිම දෛනික කොරෝනා මරණ අනුපාතය ලංකාවෙන්?

කොව්ඩ් වසංගතය ලෝව පුරා වේගයෙන් පැතිර යමින් පවතී. ඒ සමගම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, දෛනික කොවිඩ් මරණ ආදිය පිළිබඳ විශ්ලේෂණාත්මක ගණනය කිරීම්ද, සිදුවෙමින් පවතින අතර ඇතැම් ගණනය කිරීම් සහ විශ්ලේෂණයන් නිවැරදි වුවත් බොහෝ ගණනය කිරීම්වල අඩුපාඩු පවතියි. මෙවැනි ගණනය කිරීම්, විශ්ලේෂණ පිළිබඳ සටහන් සමාජ ජාලාවල මේ දිනවල සුලබව දක්නට ලැබෙනවා මෙන්ම එවන් සටහනක දත්තයන් නිවැරදි ද […]

Continue Reading

FACT CHECK : ලංකාවේ කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 50 ඉක්මවූ වා ද?

Update : අප පහත ලිපියේ සඳහන් කර තිබු පරිදි 2021 ජුලි මස මුල් සති දෙකෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සීග්‍රයෙන් සිදුවූ අතර ජුලි මස 15 වැනිදා සවස කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ පළකර තිබු වාර්තාව අනුව ලංකාවේ එක් එන්නතක් පමණක් හෝ ලබාගෙන තිබු පිරිස මිලියන 5 සීමාව පසුකර තිබුණි. ජුලි මස 15 වැනිදා වන විට සයිනොෆාම් එන්නතේ පමණක් පළමු […]

Continue Reading

FACT CHECK: දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

ලංකාවේ වැඩිපිරිසක් එන්නත්කරණයට ලක් කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර මේ දිනවල කටයුතු කරමින් සිටින අතර ජුලි මස 31 වනදා ට පෙර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එනනත් ලබාදී අවසන් කරන ලෙස ජනපති උපදෙස් දී තිබුණා. මේ අතර කලාපීය කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල අතින් ලංකාව ඉහළින්ම සිටින බවක් දැක්වෙන ප්‍රස්තාරයක් ද සහිත සටහනක් […]

Continue Reading

ලංකාවේ ඇමති මණ්ඩලය ඉස්මතු කරමින් පළවූ ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වෙත මුදා හරින සෑම සටහන් හුවමාරු කරගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාව සොයා බැලීමේ වැදගත්කම අප ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඇතැම් විට ලබාදිය යුතු පණිවුඩය වලංගු වුවද ඒ සඳහා නිවැරදි දත්තයන් යොදා නොගන්නේ නම් ඒ ඔස්සේ ජනතාව නොමග යා හැකි බැවිනි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා […]

Continue Reading

FACT CHECK: අනුර සමඟ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෙක්?

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ ඡායාරූපවල පෙනී සිටින විවිධ පුද්ගලයන් හුවා දක්වමින් ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ ජාලවල හුවමාරු වෙනු අපට නිතර දැකගන්න ලැබෙනවා.  එලෙස ඡායාරූපයක සිටින පුද්ගලයෙකු, පාස්කූ ප්‍රහාර මාලාවේ ෂැන්ග්‍රීලා හෝටලයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරනෙ බෝම්බකරු ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ 2019 වර්ෂයේ සිට මේ දක්වා […]

Continue Reading

FACT CHECK: සති අන්ත 5ක් සහිත මාස දකින්නට ලැබෙන්නේ අවුරුදු 823කට වරක් ද?

Image courtesy: Timeanddatde නක්ෂත්‍ර, ජ්‍යෝතිෂ  ඇතුළු විවිධාකාර ක්‍රම ඔස්සේ, නිවසට, ව්‍යාපාරික ස්ථාන කරා මුදල්, සෞභාග්‍ය ගෙන එනු ලබන බවට විශ්වාස කරමින් එවැනි විධික්‍රම අත්හදා බැලීමට සමාජයේ ඇතැම් පිරිස් උනන්දුවක් දක්වනවා. මේ අතර ෆෙන්ෂුයි ක්‍රම අත්හදා බැලීම, මේ වන විට ලංකාවේ ද ජනප්‍රිය වී හමාරයි. කෙසේ වෙතත් එවැනි එක් ක්‍රමයක් සම්බන්ධයෙන්, දින දර්ශක පිලිබඳ විශ්මයජනක පුවතක් […]

Continue Reading

Fact Check: ජිනීවා යෝජනාවේදී සාමාජික රටවල් වැඩි සංඛාවක් ලංකාවට පක්ෂව සිටියා ද?

පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව වාර්තා කර තිබුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11ක් ප්‍රකාශ විය. තවද රටවල් 14ක් ඡන්දය ලබාදීමෙන් වැළැකී සිටියා. මේ […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් 4 අතරට පත්වුණා ද?

පාලකයින්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් සිදුවන දූෂණයන් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නිතර කතාබහට ලක්වීම සුලබව දකින්නට ලැබෙන කරුණක්. නමුත් එළෙස පළ කරන ඇතැම් වාර්තා, සටහන් කිසිදු නිල නිර්දේශකයක් නොමැතිව නිවැරදි කාල සීමාවක් නොමැතිව සිතු මනාපෙට පළ කිරීම තුළින් ජනතාව වැරදි දත්තයන් නිවැරදි ලෙස පිළිගෙන, නොමගයෑම සුලබව දක්නට ලැබෙනවා. එවන් ආකාරයේ සටහනක් අප නෙත ගැටුණා. […]

Continue Reading

ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ලංකාවේද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පිලිබඳ බොහෝ කතිකාවන්හිදී ඉස්මතු වෙන කරුණක්. මේ ඇසුරින් විවිධ සටහන් ද විශේෂයෙන්ම මැතිවරණ උණුසුමක් ඇති සමයන්හි දැකගන්නට ලැබෙනවා. එසේ ජාත්‍යන්තර පුවත්පතක පළවූ පුවතක් ලෙස හඟවමින් පළවූ පුවතක් සත්‍ය කරුණු අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන […]

Continue Reading

ලංකාවේ මාර්ග ලෙස උපහාසාත්මක කෝණයකින් පලකළ සාවද්‍ය සටහනක්!

ලංකාවේ පත්වූ විවිධ රජයන් යටතේ සිදුකළ මහා මාර්ග ව්‍යාපෘති වල ප්‍රමිතීන් සම්බන්ධව ඇතැම් අවස්ථා වල ගැටළු දැකගන්න පුලුවන්.අධික වැසි සහිත කාලයන්හිදී මහා මාර්ග අබලන්වී ඇති අයුරු පිලිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වෙන අතර එවැනි අවස්ථා වල ඡායාරුප සහ මාධ්‍ය වාර්තා අපට නිතර දකින්නට අසන්නට ලැබෙනවා.මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟම මෙවැනි සටහන් වැඩි […]

Continue Reading

කටුවාපිටිය පල්ලියේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඡායාරුපයක් නොවේ!

2019 මාර්තු මස 21 වැනි පාස්කු ඉරුදින ආගමික ත්‍රස්තවාදීන් විසින් කිතුණු ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද කුරිරු ප්‍රහාරයෙන් ජීවිත රැසක් විනාශ වූ අතර රටේ ආර්ථිකයටද මරු පහරක් වැදිනි. මෙයින් බරපතලම ප්‍රහාරය එල්ල වූයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයටය. මෙම ප්‍රහාරය නිසා සීයයකට අධික බැතිමතුන්ට ජීවිත අහිමි වූ අතර තවත් […]

Continue Reading

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී පලාගිය කාන්තාවක්ද?

කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එම තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. රෝගය තදින් ම ව්‍යාප්ත වූ ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය වැනි රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණි වහාම ඔවුන් ස්වයං නිරෝධායනට යොමු කිරීමට මුලින් තීරණය කර තිබුණද පසුව ඒ සඳහා විශේෂයෙන්ම […]

Continue Reading

Fact Check : නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති පුද්ගලයකුගේ ඡායාරුපයක්ද?

කොරෝනා වෛරස් රෝගය තදින් පැතිර ඇති රටවල් වල සිට පැමිණෙන ගුවනින් පැමිණෙන මගීන් ගුවන් තොටුපලේ සිට නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට විරුද්ධව ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපලේදී විරෝධතාවයක් දැක් වූ බවට සෑම ප්‍රධාන මාධ්‍යයකම වාගේ වාර්තා වී තිබුණි. කෙසේ වෙතත් කොරෝනා වෛරස් ආසාදනය දිවයින තුළ පැතිර යත්ම, නිරෝධායන ක්‍රියාවලිය මඟහැර […]

Continue Reading

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහට ?

පසුගියදා ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කැරොලයින් ජුරි මහත්මියට හිමි වීමත් සමගම බොහෝ ලාංකිකයන් අතර රූ රැජින තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු විය. පසුගියදා පැවති විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග දෙකෙන් ජයග්‍රහණ පිළිවෙලින් දකුණු අප්‍රිකාවේ සහ ජැමෙයිකවේ කාන්තාවන් දෙදෙනෙකු හට හිමිවීමද බොහෝ පිරිස් අතර කතාබහට ලක්විය. එබඳු පසුබිමක ශ්‍රී ලාංකිකයකු […]

Continue Reading

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම පිලිබඳ පළවූ විවිධ ප්‍රකාශ

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට පසුගිය ඔක්තෝම්බර් 29දා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ සමගම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ඒ පිලිබඳව විවිධාකාරයේ අදහස් හුවමාරු වෙමින් පවතී. මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් අක්කර දශ ලක්ෂ ගණනක් ඇමරිකානු සමාගම්වලට ලබාදීමට නියමිත බවත්, එමඟින් රටේ ස්වෛරීභාවයට හානි පැමිණෙන බවත් […]

Continue Reading

Fact Check කාදිනල් මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට ?

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගෙන ඇති බව, මින් පෙර අවස්ථා කිහිපයකදීම කරුණු විමසීමේදී අපට දැකගැනීමට හැකිවිය “මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට.කතොලික ජනයා ආරක්ෂා කරන්න මම සජිත් ට භාර දෙනවා.ඔහුට එය කරන්න පුළුවන්” යනුවෙන් සටහනක් නිදහස් තරුණ පෙරමුණ නමැති ෆේස්බුක් පිටුව මඟින් පළකර තිබුනේ මෙලෙසිනි. […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම ශ්‍රී ලංකාව පුරාම මැතිවරණ උණුසුම තදින්ම දැනීමට පටන් ගැනීමට පටන් ගත්තේය. තම අපේක්ෂකයාට සහාය දක්වන මෙන්ම, ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කරන සටහන්ද විවිධ නම්වලින් සමාජ මාධ්‍ය ජාලා තුල  සැරිසරීමෙහි සීඝ්‍ර වර්ධණයක් දක්නට ලැබිණ. මෙම මඩ ප්‍රහාර ප්‍රධාන අපේක්ෂකයින් දෙපළ  මූලික වශයෙන්ම ඉලක්ක කරගනිමින් සැකසී ඇති අතර පහත දක්වා […]

Continue Reading

සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

ජනාධිපතිවරණ ඡන්දය ක්‍රම ක්‍රමයෙන් ළං වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් නොයෙක් ආකාරයේ ප්‍රකාශය පළ වී තිබෙනු පසුගිය දවස් කිහිපය පුරාම දැක ගන්නට ලැබුණා. ප්‍රවෘත්ති විකාශයන්හි, රුපරමුවට පහළින් දක්වන ප්‍රවෘත්ති කෙටි නිවේදන (News Tciker at the bottom) සංස්කරණය කරමින් මෙම වැරදි මත සමාජගත කිරීමට උත්සාහ ගන්නා බව […]

Continue Reading