දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංසරණය වනවා. අලුතින් නිකුත්කරන ලද මුදල් නෝට්ටුවක් ලෙස ඒ ආකාරයට සංසරණය වූ ව්‍යාජ ඡායාරූප සංසක්රණයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

මහ බැංකුව විසින් රු. 10,000ක වටිනාකමින් යුත් නෝට්ටුවක් ඊයේ (15) දිනයේ නිකුත් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ තව ත් ඡායාරූප සටහන් සංසරණය වූවා.

මෙහි මුහුණත කපුටෙකු සහ සමනළයෙකු සිටින ආකාරයක් දැක ගන්නට ලැබෙන අතර මේ දිනවල හෝටලයක් බවට පත්කිරීමට යෝජනා වී තිබු නුවරඑළිය තැපැල් කාර්යාලයේ සේයාරුවක් ඇතුළු තවත් ලකුණු කිහිපයක් ද සමගින් මෙම නෝට්ටුව මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බවට ද එහි පෙන්වා දෙනවා.

Facebook | Archived Link

මෙම සටහන බහුලව ෆේසුබුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබූ අයුරු.

උපහාසාත්මක කෝණයෙන් මෙය ව්‍යාජ සංස්කරණයක් බව කිහිපදෙනෙක්ම හඳුනාගෙන තිබුණ ද මෙහි සත්‍යතාවය පිළිබඳව ද ඇතැමුන් විමසා තිබුණා.

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම විමර්ශනයක් සිදු කළේ, මහ බැංකුව විසින් රුපියල් දස දහසකින් යුතු මුදල් නෝට්ටුවක් නිකුත් කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්නයි. නමුත් අපට එවැනි පුවතක් හෝ ශ්‍රී ලංකා මහ බැංකු විසින් නිවේදනයක් හෝ නිකුත් කර ඇති බව ට දැක ගන්නට නොලැබුණි. අප මහ බැංකු නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද, මේ පිළිබඳ ව පරීක්ෂා කළ අතර එලෙසින් නව නෝට්ටුවන් නිකුත් කළ බවට එහිදී ද, සඳහන් කර නොතිබුණි.

2023 වසරේ නොවැම්බර් 15 වන දින එනම් ඊයේ දිනයේදී නිකුත් කළ බවට දක්වා ඇති මෙම නෝට්ටුව සහිත ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී මෙහි මුදල් අමාත්‍යවරයා වශයෙන් සඳහන් ව ඇති අත්සන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍යයෙන් භාවිතා කරන අත්සන නොවන බවද නිරීක්ෂණය වේ.

ශ්‍රී ලංකාවේ භාවිතා වන ඉලක්කම් කේත භාවිතයේ පවතින එක් එක් මුදල් ඒකකයේ වටිනාකම අනුව වෙනස් වේ. එනම් සාමාන්‍යයෙන් මුදල් නෝට්ටු 20,50,100,500,1000 සහ 5000 මුද්‍රණය කරනු ලබන්නේ පිළිවෙලින් W, V, U, T, S, R යන අකුරු වලින්ය. මෙහි දී 5000 මුදල් නෝට්ටු සඳහා භාවිත කරන ඉංග්‍රීසි අකුර R අකුර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන රු.10,000 නෝට්ටුවල ද දැක ගන්නට ලැබේ.

එමෙන් ම දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා මුදල් නෝට්ටු හඳුනාගැනීම සඳහා භාවිත කරන කුඩා තිත් පේළිය දැනට භාවිත වන අතර ඉහත ඡායාරූපයේ එහි රු.5000 ලෙස මුද්‍රණය කර ඇති බව ද, දැක ගන්නට ලැබේ.

අප කළ වැඩිදුර නිරීක්ෂණයේදී තහවුරු වූයේ මෙම නෝට්ටුව මීට පෙර අන්තර්ජාලය ඔස්‍සේ පළ වී තිබූ රු. 5000 ක නෝට්ටුවක ඇති අංක ( R | 2 995015) මෙහිදී ද දැක්වෙන බවයි. එම නෝට්ටුව මෙතනින්.

ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ රු.10,000 මුදල් නෝට්ටුව ඉහත දක්වා ඇති රු. 5000 ඡායාරූපය සංස්කරණය කරමන් නිර්මාණය කරන ලද බවයි.සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සහ ඉහත මුදල් නෝට්ටුවේ ඡායාරූප අතර සංසන්දනය පහතින්.

ALTERED

ORIGINAL


අප ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද මේ පිළිබඳ විමසූ අතර ඔවුන් සඳහන් කළේ, රුපියල් 10,000 වටිනාකමින් යුත් නෝට්ටුවක් ශ්‍රී ලංකාව තුළ මුදුණය නොකළ බවත්, එලෙසින් රුපියල් 10,000 නෝට්ටුවක් නිකුත් කිරීමේ කඩිනම් සැලැස්මක් මේ මොහොතේ නොමැති බවත් මේ මොහොතේ මෙරට සංසරණයේ ඇති ඉහළම අගය ඇති නෝට්ටුව වන්නේ රු. 5000 මුදල් නෝට්ටුව පමණක් බවයි.

Also Read : Port City තුළ භාවිතය සඳහා රු.10,000ක නෝට්ටුවක් චීන රජය විසින් නිකුත් කළාද?

FACT CHECK: ශ්‍රී ලංකාව තුළ රුපියල් 2000, 1500, 1000, 500 කාසි සාමාන්‍ය භාවිතයේ පවතිනවාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රු.10,000 මුදල් නෝට්ටුවක් ඊයේ(15) දිනයේ නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සංස්කරණය කරන ලද රු. 5000 මුදල් නෝට්ටුවකි. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කළේ, රු.10,000 මුදල් නෝට්ටුවක් නිකුත් නොකළ බව ත්, දැනට මෙරට සංසරණයේ ඇති ඉහළම අගය ඇති නෝට්ටුව වන්නේ රු. 5000 මුදල් නෝට්ටුව පමණක් බවයි.

Avatar

Title:ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.10,000ක මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

Written By: Pavithra Sandamali

Result: Altered