FACT CHECK: එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජනාධිපති ගෝඨාභයගේ කතාව අතරතුර සභා ගැබේ සිටි පිරිසක් ඉන් ඉවත්වුණා ද?

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය මේ දිනවල අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පවත්වනු ලැබෙනවා. මෙම අවස්ථාවට සහභාගී වූ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායක සමුළුව අමතන අවස්ථාවේදී සභා ගැබේ පිරිසක් ඉන් ඉවත් වූ බව හැඟවෙන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් නිරවද්‍ය කරුණු සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වාට සංස්කෘතික තානාපති ධුරයක්?

ශ්‍රී ලංකා නාමය මෙන්ම සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙන යන්නට ශ්‍රී ලංකාවේ ගීතයක් මේ වන විට සමත් වී තිබෙනවා. ඒ, ඉන්දියානුවන් ඇතුළු නොයෙකුත් විදේශිකයින් පවා ගීත කොටස් මුමුණමින් ආදරයෙන් වැළඳ ගත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහායි. මෙම ගීතය ප්‍රතිනිර්මාණය කරමින් ගායනය කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මේ වන විට විශේෂයන්ම ඉන්දියානුවන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත්වී […]

Continue Reading

FACT CHECK: කාන්තාරයක් මැදින් සිරියාවේ සිට ජෝර්දානයට ගමන් කරමින් සිටි කුඩා දරුවෙක්ද?

ජීවිත ආරක්ෂාව, හොඳ ජීවන තත්ත්වයක් ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් 2011 වසරේ සිට මේ වන විට මිලියන ගණනක් සිරියානු සරණාගතයින් අසල්වැසි රටවල් කරා ගමන් කර තිබෙනවා. වසර 10 කට ද පසු සිරියාව ලොව විශාලතම සරණාගත අර්බුදයකට මුහුණපාන රටක් ලෙස හැඳින්වෙනවා. ජෝර්දානයේ ද මේ වන විට ද සිරියානු සරණාගතයින් ලක්ෂ සංඛ්‍යාවක් සිටිනවා.  2013-14 කාලයේ දී මෙසේ […]

Continue Reading

FACT CHECK: ISIS සංවිධානයට අයත් Interschool නම් WhatsApp සමූහයක්?

WhatsApp ඔස්සේ පොදුවේ සංසරණය වන බොහෝ පණිවිඩ මගින් ජනතාව නොමග යන කරුණු සඳහන් වී තිබෙන අතර එවන් පණිවිඩ සම්බන්ධයෙන් Factcrescendo අප කිහිප වතාවකදී ම කරුණු පරීක්ෂාවන් සිදු කර සත්‍ය හෙළි කර තිබේ. මෙවැනි පණිවිඩ තුලින් බොහෝ අවස්ථාවන් වලදී අනෙක් පිරිස දැනුවත් කිරීමට ඔවුන් අතර හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලීම් කෙරෙන බැවින් මෙම පණිවිඩ ඉතා සීඝ්‍රයෙන් […]

Continue Reading

FACT CHECK: ලක්ෂයට වැඩි වැටුපක් ලබාගන්නා අයට නව බද්දක්?

විවිධාකාරයේ බදු පැනවීම් සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි කතාබහකට ලක්වන අයුරු අපට සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පළ වන ඇතැම් සටහන් හරහා දැක ගන්නට ලැබෙනවා. මේ අතර පළවූ සටහන් පෙළක දැක්වුණේ, මාසික ආදයම ලක්ෂයට වැඩි පිරිසගේ බදු අය කර ගන්නා අයුරු දැක්වෙන සටහනක්. ප්‍රධාන පුවත් නාලිකාවක පළ වූ සටහනක් ආකාරයෙන් දැක්වුණු මේ සටහනේ දැක්වෙන කරුණු […]

Continue Reading

FACT CHECK: දුම්රි ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ වරදට අවුරුදු 7ක සිර දඬුවමක්?

පෙබරවාරි මස 4 වන දාට යෙදෙන නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව ලබා දීම ලංකාවේ වාර්ෂිකව සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට මේ ආකාරයට නිදහස හිමි වේ. එවන් නිදහස් දිනක ජනපති සමාව ලැබුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් පළව තිබූ කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු […]

Continue Reading

FACT CHECK: කිඹුලෙකුගේ ප්‍රාහාරයෙන් මිදී නැවත එම කිඹුලාව ගොදුරු කරගන්නා චීටා සත්වයෙක්?

ආහාර දාමයේ පහළින් සිටින සතුන් එහි ඉහළින් සිටින සතුන්ගේ ගොදුරක් වීම සත්ත්ව ලෝකයේදී සාමාන්‍ය කරුණක් වනවා. එවන් අවස්ථා වලදී ඇතැම් සත්ත්වයින් ගොදුරක් වීමට යෑමේදී ඉන් බේරි යන අවස්ථාවද අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ආහාර දාමයේ ඉහළින් සිටින සතුන් අතර ඇතිවන ගැටුම් ද කලාතුරකින් දැක ගන්නට ලැබෙනවා. එවැනි අවස්තාවක දී ප්‍රහාරය දියත්කළ කිඹුලෙකු පසුව මුලින් ප්‍රහාරය […]

Continue Reading

Explainer: නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

එක් එක් කාල වකවාණුවලදී පවත්නා රජයන් යටතේ ආරම්භ කරනු ලබන ව්‍යාපෘති, අදාළ රජයන් මාරු වීමේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා මෙන්ම ඇතැම් ව්‍යාපෘති අතර මග ඇන හිටින අයුරු ද අපට දැකගන්නට ලැබෙනවා. විදේශ ආධාර, විදේශ ණය මත ලබා ගන්නා මුදල් වලින් ආරම්භ කෙරෙන මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් සඳහා එළැඹීම හේතුවෙන් මQලික සැලසුම් වෙනත් රජයක් මූලිකත්වයෙන් […]

Continue Reading

FACT CHECK: ඉතාලියේදී අගමැතිට හූ හඬ නැගූ බව දැක්වීමට සංස්කරණය කළ වීඩියෝවක්

අග්‍රාමාත්‍යවරයා සහ විදෙස් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉතාලියේ, බොලොඤ්ඤා නුවර දී ආරම්භ වූ G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය දා පිටත් වී ගියා. එම සමුළුවේ ප්‍රධාන දේශනයක් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණීමේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් හූ හඬක් නැගූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සත්‍ය සිදුවීම සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: රට විවෘත කරපු ගමන් නැවතත් දෙමව්පියන් සමඟ ස්ටාලින් පාරට බසී ද?

කොරෝනා ව්‍යාප්ති තත්ත්වයේ ඇති වූ සීඝ්‍ර වර්ධනයත් සමග ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් දිවයින පුරා ව්‍යාප්ත වූ අඛණ්ඩ ගුරු උද්ඝෝෂණය තාවකාලිකව නැවැත්වීමට ගුරු සංගම් පියවර ගනු ලැබුවා. පසුව නිරෝධායන ඇඳිරිනීති තත්ත්වයක් පැනවීමට රජය කටයුතු කළ අතර මේ දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව රට යළි විවෘත කිරීමෙන් පසුව වැටුප් විෂමතා හේතුවෙන් නැවතත් දෙමාපියන් සමග පාරට බැසීමට සූදානම් බවට ලංකා […]

Continue Reading